Tuesday, October 22, 2024
Follow Us
කොටි පුල්ලි මතු වෙයි.. මුලතිව් ඉරණපාලෙයිවලින් එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් තොගයක් සොයා ගනී

මුලතිව් ඉරණපාලෙයි ප‍්‍රදේශයේ වළලා තිබියදී එල්.ටී.ටී.ඊ.නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් කීපයක් 20 දා සවස ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

ඉරණපාලෙයි දේවස්ථානයක් අසල පොළොවේ මෙම නිල ඇඳුම් යකඩ පෙට්ටියක දමා වළලා තිබූ අතර එහි එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් කොටස් තිහක් පමණ සහ තවත් එල්.ටී.ටී.ඊ උපකරණ බවට සැක කෙරෙන ද්‍රව්‍ය දහතුනක් තිබූ බව මුලතිව් ආරක්ෂක අංශ සඳහන් කරයි.

මුලින්ම මෙම එල්.ටී.ටී.ඊ.නිල ඇඳුම් සහිත පෙට්ටිය මතු වී ඇත්තේ සංවර්ධන කටයුත්තක් සඳහා එම බිම හාරන ලද අවස්ථාවේදීය.

මේ පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව පොලීසිය ගොස් එම පෙට්ටිය හා ඇඳුම් තොගය පොලීසිය බාරයට ගෙන තිබේ.මුලතිව් පොලීසිය මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

(Lanka Leads)