Thursday, May 02, 2024
Follow Us
හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති කොමිසමට පැය තුනක් සාක්ෂි ලබා දෙයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) පැය 3කට අධික කාලයක් සාක්ෂි ලබා දී තිබේ.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතාකටයුතු කළ 2016, 2017 කාලය තුළ මහජන බැංකුවට පරිගණක ලබා ගැනීමේ දී සිදුවූ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව එම සාක්ෂි ලබාගැනීම සිදුකර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත සිටින අතර යළි හෙට (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද ඊයේ දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) දිනයේ එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී වංචාවක් සිදුවී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) දිනයේ එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

(LNW)