Thursday, May 02, 2024
Follow Us
දැනුමක් සහිත විදුලි කාර්මිකයින් බිහි කිරීම අරඹයි - සියලු විදුලි කාර්මිකයින්ට ලියාපදිංචිවීමට දැනුම් දෙයි

ශ්‍රී ලංකාව තුල විදුලි කාර්මිකයින් 30.000ක් පමණ සිටින බවට ඇස්තමේන්තු ගත කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ. ඉන් කොටසක් සඳහා විදිමත් සහතිකයක් ඇති බවත් අනෙක් කොටස අවිදිමත් ලෙස මෙම ක්ෂේත්‍රයට පිවිසි අය ලෙස හඳුනාගෙන ඇති බවයි පෙන්වා දුන්නේ.

ප්‍රධාන වශයෙන් ජනතාවගේ ගෘහස්ථ විදුලි ස්ථාපනය සිදු කරන මෙම පිරිස නිසා විශාල පිරිසකගේ නිවාසවල විදුලි ආරක්ෂාව නිසි ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන ඇති බවද අනාවරණය කළා.

බොහෝ විදුලි අනතුරුවලට ලක්වන නිවාස පරික්ෂා කිරීමේදී මෙවැනි අවිදිමත් දැනුමක් සහිත විදුලි කාර්මිකයින් සේවා ලබාදුන් නිවාස බවයි සොයාගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සම්බන්ධ වී විදුලි කාර්මිකයාගේ වෘත්තීය සුරක්ෂිත කිරීමත්, විදිමත් දැනුමකින් සන්නද්ධ කිරීමටත් විදුලි කාර්මික වෘත්තීය බලපත්‍රය හදුනාවා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යාන්ත්‍රණය රජය අනුමත කර තිබෙනවා. ඒ අනුව එහි පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඒ යටතේ සියලුම විදුලි කාර්මිකයන්ව ජාතික මට්ටමින් දැනුවත් කර තිබෙනවා. එහි එක් පියවරක් මඩකලපුව දිස්ත්‍රික්කයේත්, මහනුවර දිස්ත්‍රික්කයේත් පැවැති අතර ඒ සඳහා දෙදහකට ආසන්න විදුලි කාර්මික වෘත්තියේ දැනට නියැලෙන්නන් සහභාගී වී තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් වැඩසටහනද මේ වන විට ක්‍රියාත්මකයි.

මේ සඳහා විදුලි කාර්මිකයින්ට ලියාපදිංචි වීම සඳහා දුරකතන අංකයක්ද හඳුන්වා දී ඇත. එම දුරකථන අංකය වන්නේ, 076 427 10 30 යි.

ඉදිරියේදී අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක මූලික කරගනිමින් ද මෙවැනි වැඩසටහන් පැවැත්වෙන අතර අනකෙුත් දිස්ත්‍රික්ක අප්‍රේල් මාස අවසන්වීමට පෙරත් පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

(Neth)