Thursday, April 18, 2024
Follow Us
මේවා අපි 2012 දි මහ රජ්ජුරුවන්ට කිව්වෙ. කෝ කොළාද ?

වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් කරුණු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ 2012.07.28 වනදා බවත් ඊට අදාළව කිසිවක් සිදු නොවුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

“මේ කියන්නෙ 2012 හත්වෙනි මාසෙ 28 වෙනිදා. කාටද ? මහ රජ්ජුරුවන්ට කියන්නෙ. කොළාද ? මේ ගොල්ලො මේ … වැඩක් නෑ කතා කරලා. දුකයි” යනුවෙන් එහිමි සඳහන් කළේය.

1973 වසරේදී PSL සහ MRI නමින් රාජ්‍ය නොවන සංවිධාන දෙකක් පිහිටුවා ඇති බවත් එය ලොවපුරා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලක් බවත් පැවසූ ඥානසාර හිමි මේ වනවිට අප සිටින්නේ 2019 බවත් සිහිපත් කළේය. එහි නායකයා පිළිබඳව ද විස්තර තමන් 2012 වසරේදී ඉදිරිපත් කර ඇති බව පැවසූ එහිමි මේවාට මුදල් පොම්ප කරන අය පිළිබඳ විමර්ශනය කරමින් වැඩ ආරම්භ කළ යුතු බවත් මේවාට අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බවත් සඳහන් කළේය.

කුරුණෑගල තනි වෛද්‍යවරයකු අල්ලාගෙන ඇති නමුත් මෙය එක් අයකු නොව ජාලයක් වශයෙන් ක්‍රියාත්මක වන්නක් බව පැවසූ එහිමි මෙහි අතුකපා ඵලක් නොමැති බවත් මුල නසා දැමිය යුතු බවත් අවධාරණය කළේය.

(Lanka Leads News)