Sunday, May 11, 2025
Follow Us
ඡන්ද කඩන්න දෙපැත්තෙන්ම විදෙස් හැකර්ලා…එක් අවහිරතාවයක් වෙනුවෙන් ලක්ෂ 10ක් ගෙවන්නත් පොරොන්දු වෙලා

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහය ලබා ලබාගැනීම සඳහා එම පක්ෂ විසින් විදේශීය පරිගණක හැකර්වරුන් විස්සකට ආසන්න පිරිසක් ගෙන්වා ඇතැයි වාර්තා වේ. මෙම ගෙන්වා ඇති හැකර්වරුන් ඉන්දියාව, චීනය, වියට්නාමය සහ තායිවානය යන රටවල පදිංචි පරිගණක හැකර් වරුන්ය.

තම අපේක්ෂකයන් දෙදෙනා සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අපහාසාත්මක තොරතුරු අවහිර කිරීම ඔවුන්ට පැවරී ඇති ප්‍රධාන රාජකාරිය වී ඇත.

ඉදිරි සති දෙකෙහි තම අපේක්ෂකයන් සම්බන්ධව අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමේ අවදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම විදේශීය හැකර් වරුන්ගේ සහය ලබා ගැනීමට හේතුවී ඇතැයි වාර්තා වේ. මෙම සිදුකරන අවහිරතාවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.

Iirda divaina