Sunday, May 11, 2025
Follow Us
වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් ගෝඨාට යෝජනා විස්සක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරුණු 20 ක් ඇතුළත් යෝජනා මාලාවක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ, දෙපාර්ශවය අතර ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රගමනය වෙනුවෙන් දේශපාලන මැදිහත්වීමකින් තොරව ක‍්‍රියා කිරීමේ පසුබිමක් තමන් සකසන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සහ වෛද්‍ය සමන්ත ආනන්ද, වෛද්‍ය නවීන් ද සොයිසා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් විසින් අදාළ යෝජනා මාලාව ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඊයේ භාරදෙනු ලැබුවා.

(Neth)