Thursday, May 02, 2024
Follow Us
රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සැකයක් – පුරාවිද්‍යාවත් සිදුවීම මගහරී

අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි.

‍ෙකොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද මහතා සදහන් කළේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ විශ්ව පාරමී නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද බෝධිනන්ද මහතා පෙන්වා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලු වලට දැඩි හැනි සිදුවන බවත් මේ වනවිටද එවා හානායට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව එතුමන් පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මගහරමින් තිබෙන බව ද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා / ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

(Lanka Leads)