Thursday, May 02, 2024
Follow Us
ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා පීරිස්

ජාත්‍යන්තර බීබීසී නාලිකාව මගින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ කාන්තාවක ඇතුළත්ව තිබේ.
ඇය නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිණියකි. 2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි.

ඇගේ පෙනීම අහිමිවුවත් ඇය ලැබුණ බාධක හමුවේ ජීවිතය ජයගත් අතර මේවනවිට ජාත්‍යන්තර කීර්තිය දිනූ මෝස්තර නිරූපණ ශීල්පිණියකව සිටී. ඇයගේ ජීවිතය ගොඩනැගුණ ආකාරය ගැන ලෝකයේ විවිධ මාධ්‍ය ඔස්සේ වරින්වර හෙළිදරව් කිරීම්ද සිදුව ඇත.

(Lanka Leads)