Sunday, May 11, 2025
Follow Us
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනීම අද

බි‍්‍රතාන්‍යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවක් බි‍්‍රතාන්‍ය අධිකරණයකදී අද විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

එම නඩුව පවරා ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් විසින්. ඉකුත් පෙබරවාරි මස 4 වනදා ලන්ඩනයේ පිහිටි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල් ටී ටී ඊ හිතවාදීන්ට තර්ජනාත්මක අබිනයක් කළ බවටයි බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට චෝදනා එල්ල වුණේ.

ඒ සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් විසින් මීට පෙර ද නඩුවක් පවරා තිබූ අතර එහි සදහන් කරුණු සළකා බැලූ එරට අධිකරණය එම නඩුව ඉවත දැමුවා. අදාළ කරුණ පාදක කර ගෙන දෙමළ ඩයස්පෝරාව නැවත චෝදනා පත‍්‍රයක් සකස් කර මෙම නඩුව පවරා තිබෙනවා.

(Neth)