Thursday, March 26, 2026
Follow Us
නිශ්ශංක සේනාධිපති කටුනායකදී අත්අඩංගුවට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඊයේ (16) දින මධ්‍යම රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගපූරුවේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි මීට පෙර වාර්තා වී තිබුණේ.

(Neth)