Monday, April 29, 2024
Follow Us
කිළිනොච්චියට ගිනිඅවි ගෙන ගිය හිටපු කොටියාගේ ඉලක්කය කරුණා අම්මාන්

හිටපු කොටි සාමාජිකයා කිලිනොච්චියේ සිට සේරුනුවරට ටී-56 ගිනි අවියක් රැුගෙන ගොස් කරුණා අම්මාන් ඝාතනය කිරීමේ සැලසුමක් කි‍්‍රයාත්මක කොට තිබූ බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

ඔහු විසින් කිළිනොච්චියේ හා යාපනයේ කොණ්ඩාවිල් පළාතේ ක්ලේමෝ බෝම්බ ස`ගවා තබා ඇත්තේ ද මේ සඳහා බව කියන ආරක්ෂක අංශ වරින් වර ඒවා කිළිනොච්චියේ සිට නැගෙනහිර පළාතට රැුගෙන් ගොස් කරුණා අම්මාන් ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බව හෙළි වී ඇතැයි ද සඳහන් කරයි.

කරුණා අම්මාන් ඝාතනය කිරීම ජනාධිපතිවරණයට පෙර සිදු කිරීමට අත්අඩංගුවට පත්ව සිටින හිටපු කොටි සාමාජිකයා ඇතුළු පිරිසක් සැලසුම් කොට තිබූ බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබේ.

මීට පෙර පලෙයි රෝහලේ සේවය කළ ශිවරූබන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ද හිටපු කොටි සාමාජිකයින් පිරිසක් යොදවා කරුණා අම්මාන් ඝාතනය කරවීමට පිටරටවල සිටින හිටපු කොටි සාමාජිකයින් පිරිසක් මුදල් පවා ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය කොට තිබුණි.

(Lanka Leads)