Sunday, April 28, 2024
Follow Us
දෘශ්‍යාබාධිතයන් ගැන ජනපති අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති එළිදක්වන්නැයි ඉල්ලීමක්

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්‍ෂා දිනය අදට (15) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව බත්තරමුල්ල දියත උද්‍යානයේ සිට සුහුරුපාය දක්වා සුදු සැරයටි පා ගමනක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පැවසුවා.

මේ අතර ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනය පවසන්නේ අධ්‍යාපනය සහ රැකියා ලබාදීම වැනි අවස්ථාවලදී මෙරට දෘශ්‍යාබාධිත ජනතාව තවමත් විවිධ ගැටළුවලට මුහුණ දෙන බවයි. ඒ පිළිබද කරුණු දැක්වූ එම සම්මේලනයේ ගාල්ල දිස්ති‍්‍රක් ශාඛාවේ ලේකම් ජනක දේශපි‍්‍රය කියා සිටියේ අවශ්‍ය පහසුකම් නොයෙදීම තුළ සිය සාමාජිකයින් අසරණ භාවයට පත්ව ඇති බවයි.

ශී‍්‍ර ලංකාවේ දාෂ්‍යාබාධිත වූවන් පිළිබඳ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති මොනවා දැයි ප‍්‍රකාශයට පත් කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

(Neth)