Sunday, April 28, 2024
Follow Us
තවත් පාසැල් 08 ක් ජාතික පාසල් පද්ධතියට

පළාත් පාසල් 7ක් ජාතික පාසල් බවට පත්කර තිබෙනවා. ඒ අනුව ජාතික පාසල් බවට පත්කර ඇති පාසල් අතරට කුලියාපිටිය සාරානාත් විද්‍යාලය, පොළොන්නරුව දිඹුලාගල විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය ද අයත්.

මීට අමතරව පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර උහන මහා විද්‍යාලය සහ ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසල් බවට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා. ඒ, පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත්කිරීමේ දී සපුරාලිය යුතු නිර්ණායක ද පාදක කරගනිමින්. මෙම පාසල් 08 සමඟ දැනට ශ්‍රී ලංකාවේ තුළ පවතින ජාතික පාසල් සංඛ්‍යාව 370 ක්.

(Neth)