Tuesday, October 22, 2024
Follow Us
දින 33 ක් පුරා පැවැති වැඩවර්ජනය අවසන් කරමින් සියලු විශ්ව විද්‍යාල කටයුතු ඇරඹේ

සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අද (14) සිට යළි ආරම්භ වනවා. ඒ, දින 33 ක් පුරා පැවැති වැඩවර්ජනයෙන් පසුවයි.

විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයක නිරතවූයේ වැටුප් විෂමතාවක් සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලූකාරී තත්ත්වයක් හේතුවෙන්.

නෙත් නිවුස් කළ විමසීමකදී විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් කේ. එල්. ඞී.ජේ. රිච්මන්ඞ් පැවසුවේ තම ගැටලූ විසඳීමට බලධාරීන් පොරොන්දු ලබාදීමත් සමග වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අවසන් කළ බවයි.

වර්ජනය හේතුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක නොවුනු සියලූ සතිඅන්ත පාඨමාලා ද මෙම සතියේ සිට ආරම්භ කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)