Tuesday, October 22, 2024
Follow Us
ගෝඨා වෙනුවෙන් ඥානසාර හිමි පෙරට. දඹර අමිල හිමිගේ ප්‍රකාශයට පිළිතුරු !

නොවැම්බර් 17 වනදා උදෑසන වනවිටම අසාධාරණය ලෙස සිරගත කර සිටින රණවිරුවන් නිදොස්කොට නිදහස් කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය විවේචනයට ලක් කරමින් යමෙකු නිදොස්කොට නිදහස් කළ හැක්කේ අධිකරණයට පමණක් බවත් නොවැම්බර් 16 වනදා තෝරාගන්නේ ජනාධිපතිවරයකු මිස අධිකරණ විනිසුරුකෙනෙකු නොවන බවත් දඹර අමිල හිමි විසින් පෙරේදා (10) දිනයේදී ප්‍රකාශ කරන ලදී.

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි එදිනම රාත්‍රියේ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් දඹර අමිල හිමිට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

"මේ රටේ අවුරුදු 30ක අතීතයක අමිහිරි යුද්ධයක අත්දැකීම් ලබපු ඒ ත්‍රස්ත බියෙන් ජීවත් වුණු හැමකෙනෙකුගේම හදවතේ තියෙනවා රණවිරුවො ගැන ගෞරවයක්. අපෙ ලංකාවෙ මේ පහුගිය කාලෙ පුරා, ඉතාම නරක විදියට මේ තීන්දු තීරණ ගත්තෙ මේ ආණ්ඩුවෙ උදවිය නෙවෙයි. සමහරවිට ඇමරිකන් තානාපති කාර්යාලය ඕනෙ විදියට, මේ රාජ්‍ය නොවන සංවිධානවලට ඕනෙ විදියට. ඉතිං රණවිරුවො හෙට පුළුවන් නම් හෙට නිදහස් කරන්න ඕනෙ.

අපි කියනවා ගෝඨාභය එන්නම ඕනෙ නෑ, ඊට කලින් මුංටත් පුළුවන්නෙ. මුනුත් සිංහලයෝ, මුනුත් බෞද්ධයෝ, මේ ගොල්ලොත් විශාල වශයෙන් සිංහල ජනතාවගේ ඡන්දයෙන් ආවෙ. ඒ නිසා ඔය මොහොමඩ් නිකායේ දඹරලාට උත්තර දෙන්න අපි මොකටද කාලය මිඩංගු කරන්නෙ. පව්කාරයින්ට" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

(LNW)