Tuesday, October 22, 2024
Follow Us
GMOA 15 වනදා සිට දැඩි ක්‍රියාමාර්ගයකට

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන තීන්දු තීරණ නොසලකා හරිමින් කටයුතු කිරීමට එරෙහිව ලබන 15වනදා සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු අමාත්‍යාංශය විසින් සිදු කළ නීති විරෝධි ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් තම සංගමය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ අතර ඒ අනුව අදාල ස්ථාන මාරුවිම් අත්හිටුවන ලෙස මැතිවරණකොමිෂන් සභාව දැනුම්දී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

කෙසේවෙතත් මේ දක්වාත් අදාල ස්ථාන මාරුවිම් අත්හිටුවිමටසෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරින් කටයුතු කර නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නිවේදනනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

(Lanka Leads)