Tuesday, October 22, 2024
Follow Us
සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ඕනෑ !

බන්ධනාගාරගත සිරකරුවන්ට සහ සැකකරුවන්ටද මැතිවරණවලදී ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, බන්ධනාගාර කොමසාරිස්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ඡන්ද අයිතිය අහිමි කිරීම තුළින් බන්ධනාගාර රැඳවියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

බන්ධනාගාරගත සිරකරුවන්ට සහ සැකකරුවන්ට ඡන්දය භාවිතා කිරීම සඳහා පහසුකම් සැලසීමට පෙත්සමේ වගඋත්තරකරුවන් වෙත රීට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

(LNW)