Tuesday, October 22, 2024
Follow Us
අරුවක්කාලු කසල අංගනයේ පිපිරීමක් !

පුත්තලම, අරුවක්කාලු කසල අංගනය තුළ ඊයේ (07) රාත්‍රියේ 08.45 - 09.00 අතර වේලාවකදී පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම පිපිරිම හේතුවෙන් කසල අංගනය අසල ඇති සේරක්කුලි සහ කරතිව් ගම්මානවලට අධික ශබ්දයක් සහ කම්පනයක් දැනී ඇති අතර ජනතාව බියෙන් පසුවන බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් කසල අංගනයේ නිලධාරීන් පවසන්නේ පළමුවරට එහි මීතේන් වායුව පරීක්ෂා කිරීමේ කටයුතු ඊයේ සිදුකෙරී ඇති බවත් එහිදී යොදාගත් නලයක පෑස්සුමක් පුපුරා ගොස් ඇති බවත්ය.

පිපිරීමෙන් කිසිවකුටත් හානි සිදුවී නොමැති අතර කොළඹ සිට අරුවක්කාලුව දක්වා කසල රැගෙන පැමිණි ලොරි රථ 29ක් ජාඇල ප්‍රදේශයේදී ආපසු හරවා යවා ඇති බවත් සඳහන්.

(LNW)