Tuesday, October 22, 2024
Follow Us
ඇප මුදල් තැන්පත් කිරීම අවසන් – 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි

2019 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 න් අවසන් විය.

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඇප මුදල් තැන්පත් කළ අවස්ථාව මෙය වන අතර පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 19 දෙනෙකු සහ ස්වාධීන අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇත.

වෙනත් පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 3 කි.

(Aruna)