Tuesday, October 22, 2024
Follow Us
එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවීමෙන් වදක තනතුරට බඳවා ගත් දෙදෙනා වෙනත් වැඩවල

වදක තනතුරට බඳවා ගැණුනු සේවකයන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයට අනියුක්ත කරන ලෙසට කළ ඉල්ලීමක් බන්ධනාගාර මූලස්ථානය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

එම ඉල්ලීම කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාර පරිපාලනය විසින්. වදක තනතුරට බඳවා ගැණුනු සේවකයන් දෙදෙනා මේ වනවිට බන්ධනාගාර මූලස්ථානයේ කාර්යාල කාර්ය සහායක තනතුරේ රාජකාරී සදහා යොදවා තිබෙනවා.

මරණ දඬුවම මේ වනවිට කි‍්‍රයාත්මක නොවුනද, එල්ලූම්ගහ පිහිටි ස්ථානයේ නඩත්තු කටයුතු සහ වදක තනතුරට බඳවා ගැනුණු දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී සඳහා යෙදවීමට එහි පරිපාලනය තීරණය කර තිබුණා.

එහෙත් එම සේවයකයන් දෙදෙනාගේ ආරක්‍ෂාව ගැන සිතා දැනට වැලිකඩ බන්ධනාගාරයට මාරු නොකිරීමටයි බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත්තේ.

(Neth)