Tuesday, October 22, 2024
Follow Us
ඔක්තෝම්බර් මස යළිත් ප්‍රහාරයක අවදානමක් – බුද්ධි අංශ අනතුරු අගවයි.!

ඔක්තෝබර් 15 සිට 25 දින අතර කාල පරාසය තුළ කිතුනු දේවස්ථාන වෙත හිංසාකාරී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජාතික බුද්ධි අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම තොරතුර ලැබීමත් සමඟ ජාතික බුද්ධි අංශය මෙහෙයවීමෙන් කිතුනු දේවස්ථාන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අනුයුක්ත කොට විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් දියත් කිරීමට ද ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග උපදෙස් දී ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට අදාළ පුවත සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු අපට පැවසුවේ මෙම පැමිණිල්ල සත්‍ය බවය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ලද තොරතුරට අදාළව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර ඇති අතර යට කී දිනවලදී කිතුනු දේවස්ථාන වෙත දැඩි ආරක්ෂාවක් යෙදවීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යොදවා තිබෙන බවද මේජර් ජනරාල් අතපත්තු පැවසීය.

(Lanka Leads)