Tuesday, October 22, 2024
Follow Us
පූජිතට තවත් නඩුවක් ලිංගික අඩන්තේට්ටම් යටතේ උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

2018 අප්‍රේල් 11 දින 8.45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිගැනීමේ හා දුරකථන ක්‍රියාකරවන්නියක ලෙස කටයුතු කළ බව කියන කාන්තා උප පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ති ශිරෝමනිට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට එසේ විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී ජයසුන්දර මහතා ඇයට ලිංගික අඩන්තේට්ටම් ගණයට වැටෙන ආකාරයේ බැණ තර්ජනය කර ඇති බව චෝදනා එල්ල වී ඇත.

(Aruna)