Tuesday, October 22, 2024
Follow Us
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අදත් වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, දකුණ සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බවයි.

පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර ප‍්‍රජාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කළයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

(Neth)