Tuesday, October 22, 2024
Follow Us
පොදු වේදිකාවට නැගීමට අපේක්ෂකයන් 08 ක් සූදානම්

හෙට (05) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ පොදු වේදිකාවට නැගීම සඳහා මේ වනවිට ජනාධිපති අපේක්ෂකයන් 08 දෙනෙකු කැමැත්ත පළකර ඇතැයි එහි සංවිධායකයන් පවසයි.

විනයගරුක දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් විසින් මෙම පොදු වේදිකාව නිර්මාණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් අතර වට කිහිපයකින් පැවැත්වෙන විවාදය ලොව පුරා ජනතාවගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වී තිබේ. එහෙත් මෙවැනි විවාද මෙරට දේශපාලනයට අලුත් ආකෘතියකි.

මෙම පොදු වේදිකාවට සියලු අපේක්ෂකයන්ට ආරාධනා කළ බවත්, මේ වනවිට ඒ සඳහා අපේක්ෂකයන් 08 දෙනෙකු පමණ ඉදිරිපත්ව සිටින බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි.

ජනාධිපතිවරණ පොදු වේදිකාව හෙට පස්වරු 03 සිට 05 දක්වා පැවැත්වෙන අතර එය මෙරට ප්‍රධාන රූපවාහිනී නාළිකා සියල්ල හරහාම සජීවීව විකාශය කිරීමට ද සූදානම් කර තිබේ.

(LNW)