Tuesday, October 22, 2024
Follow Us
ඇන්ජලා සෙනවිරත්නගෙන් සයිබර් අපරාධ අංශයට පැමිණිල්ලක්

අන්තර්ජාලය තුළ තමන්ට එරෙහිව පතුරුවා හරින ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් ජනප්‍රිය සිනමා නිළියක වූ ඇන්ජලා සෙනවිරත්න මහත්මිය සයිබර් අපරාධ අංශයට පැමිණිලි කර තිබේ.

සිය පැමිණිල්ල තුළින් ඇය දක්වා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමිවීමෙන් අනතුරුව කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන්ගේ නම ඈඳාගෙන මඩ ප්‍රචාරයක් දියත් කර ඇති බවයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ සජිත් ප්‍රේමදාස මහතා සහ තමන් අතර තිබුණු සම්බන්ධයක් හෙළිවීම නිසා සජිත්ගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය තමන්ව කැඳවා තමන්ගේ කොණ්ඩය කපා දැමූ බවට ව්‍යාජ පුවතක් ඇතැමුන් විසින් සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරණය කරන බවට ඇන්ජලා සෙනවිරත්න මහත්මිය පැමිණිලි කර ඇත.

මැතිවරණ ආසන්න සමයේදී මඩ ප්‍රචාරණයන් අනන්ත සිදුවන අතර එම නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව පියවර ගැනීම වැදගත්ය. එහෙත් පරණ කුණු ගොඩවල් තමන්ගේ ඇඟේත් හළාගෙන අනුන්ගේ ඇඟේත් නොහළන්නට එහිදී ප්‍රවේශම් විය යුතුය.

විශේෂයෙන් මීට වසර තිහකට පෙර සිදුවුණායැයි කියන යමක් ගැන වුවමනාවට වඩා සංවේදී වන්නට යාමෙන් අනවශ්‍ය ප්‍රචාරණයක් ඊට ලැබෙන්නට ද ඉඩ තිබේ. මන්දයත් ඒ දිනවල ඒ මන්දිරවල සේවය කළ ආරක්ෂක නිලධාරීන්, ගෘහ සේවකයින් තවමත් ජීවතුන් අතර සිටිනා බැවිනි.

(LNW)