Tuesday, October 22, 2024
Follow Us
දුම්රිය වෘත්තීය සමිති විශේෂ සාකච්ඡාවක

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක්ද කැදවා තිබෙනවා. ඒ, මෙම වර්ජනය ඉදිරියටත් කි‍්‍රයාත්මක කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සදහායි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද පෙරවරු 10.30 ට දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටුව රැස්වන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති මංජුල යාපා නෙත් නිවුස් වෙත සදහන් කළේ.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ නිකුත් කෙරුණා.

වර්ජනය කි‍්‍රයාත්මක වුවද ඊයේ පස්වරුවේ කාර්යාලීය දුම්රිය 22 ක් ධාවනය වූ අතර එම දුම්රිය සියල්ලම අද පෙරවරුවේ යළි කොළඹ ධාවනය ආරම්භ කරන බවයි වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ.

දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන සෑම දුම්රියකටම පොලිස් ආරක්‍ෂාව යෙදවීමට ද ඊයේ තීරණය කෙරුණා. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආරක්‍ෂාවට සහ මගීන්ගේ ආරක්‍ෂාව සදහාද පොලිස් නිලධාරීන්ද යෙදවීමටයි පියවර ගැණුනේ.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් කිහිප දෙනෙකු මේ වනවිට රාජකාරී සදහා එක්වී ඇති බවද වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප‍්‍රකාශ කළා.

(Neth)