Tuesday, October 22, 2024
Follow Us
සංචාරකයින්ගේ පැමිණීම 20%කින් අඩුවෙලා

අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයට පෙර 8% කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වූ සංචාරකයින්ගේ පැමිණීම අගෝස්තු මස අවසානය වන විට 20% කින් පහත වැටී ඇත.


පහළ වැටීමේ ඉහළම ප්‍රතිශතය පෙන්වනු ලබන්නේ මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලය. එය පිළිවෙලින් 70.5% , 57.1% , 46.9% කින් සහ අගෝස්තු මාසයේදී 28.3% අඩු වී ඇත.
2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී පමණක් 28.3% ක් අඩු වී ඇති බව වාර්තා වේ.
2018 වර්ෂයේ අගෝස්තු මාසය අවසාන වන විට සංචාරකයින් 1,582 ,836 ක් ශ්‍රි ලංකාවට පැමිණි අතර 2019 වර්ෂයේ එය සටහන් වන්නේ 1,267,835 ක් වශයෙනි.
කලාපයේ අනෙකුත් රටවල් වන මැලේසියාව තායිලන්තය සහ වියට්නාමට වැනි රටවල වාර්ෂිකව සංචාරකයන් දස ලක්ෂයක් පමණ පැමිණේ. ( LI )