Tuesday, October 22, 2024
Follow Us
ගුරු – විදුහල්පති සංගම් වර්ජනය අත්හිටුවයි

ගුරු සහ විදුහල්පති සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දින පහේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා විසඳීමට යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තිබෙන හෙයින් සේවයට සාධාරණ වැටුප් කාලයක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙන හෙයින් වර්ජනය අත්හිටවූ බවයි.

ඒ අනුව මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබූ එම වර්ජනය නොපැවැත්වෙන බව ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)