Wednesday, May 15, 2024
Follow Us
භික්ෂු සංවිධාන එකමුතු වෙයි

රටට මේ මොහොතේ අවශ්‍යවන්නේ ශක්තිමත් ජාතික ප‍්‍රතිපත්තියක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළේ භික්ෂු සංවිධාන එකමුතුවෙන් ‘‘විජයධරණී’’ නමින් ජාතික සභාවක් පිහිටවීමේ අවස්ථාවට එක්වෙමින්.

රාවණා බලය සංවිධානයේ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප‍්‍රකාශ කළේ රටට එක නීතියක අවශ්‍යතාව අත්‍යවශ්‍ය බවයි.

මේ අතර ජාතීන්ගේ අනුපාතය අනුව කටයුතු කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, රටේ පුරාවස්තු ආරක්ෂා කිරීම, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ජාතික සම්පත් ආරක්ෂා කිරීම යන ඉල්ලීම් 05ට ගිවිසුම්ගත වන අපේක්ෂකයෙකුට පමණක් ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය හිමිවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

(Neth)