Friday, February 20, 2026
Follow Us
ඩෙංගු රෝගීන් යළි ඉහළට

කලාප 44ක් අධි අවදානමේ


යළිත් වරක් මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සියයට 18කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,114 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊට පෙර සතිය තුළ වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 943 දෙනෙකු පමණය.

ඒ අනුව මේ වසරේ ගත වු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 63,549 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 44ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කිරීමට ද පියවර ගෙන තිබේ.

Aruna