Friday, February 20, 2026
Follow Us
සිසුන් පිරිසකට වධහිංසා කළ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්

මිල්ලනිය, ගුංගමුව, කණිෂ්ඨ විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ ඉගැනුම ලැබූ සිසුන් පිරිසක් වධහිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් 03 දෙනෙකු එම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරියක් ජාතික ළමා රක්ෂක අධිකාරිය මගින් අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලින් අනතුරුව අද පස්වරුවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණූ බවයි.

ඒ අනුව අළුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.

Neth