Friday, February 20, 2026
Follow Us
මහේස්ත්‍රාත්ටත් වැඩක් දෙන්න ගිය කුඩ්ඩා මාට්ටු

තාප්පෙට උඩින් පැන්න පිම්ම කූඩුවෙන් නවතී


පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවස පිහිටි භූමියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.

සැකකරු එදින රාත්‍රි 7ට පමණ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පිහිටි මහේස්ත්‍රාත් නිළ නිවසේ ප්‍රධානගේට්ටුවට උඩින් පැන සැගවීමට උත්සාහ දැරීමේදී නිළ නිවසේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් විසින් අල්ලා වාද්දුව පොලිසියට භාරදි තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු බවපොලිසිය සඳහන් කරයි.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහු ඇතුළුවූයේ කුමන කරුණක් සදහාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Aruna