Friday, February 20, 2026
Follow Us
ඉන්ධන කෝටාව වැඩි කළත් ගාස්තු අඩුකරන්න බැහැ - ත්‍රිරෝද රථ සංගම් කියයි

ඉන්ධන කෝටාව වැඩි කළද ත්‍රීරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථකරුවන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ ත්‍රී රෝද රථ ගාස්තු අඩු කිරීමට නම් දෛනිකව පෙට්‍රල් ලීටර් 5ක ප්‍රමාණයක් කුලී ත්‍රී රෝද රථ සඳහා ලබාදිය යුතු බවයි.

මේ අතර සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පැවසුවේ ඉන්ධන කෝටාව වැඩි කිරීම දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනයේ සිට ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බවයි.

Neth