Friday, February 20, 2026
Follow Us
ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුගෙන් ප්‍රකාශයක්

මීළඟ ලෝක කුසලානට පෙර කළ යුතු දේ සිල්වර්වුඩ් පහදයි


මීළඟ ලෝක කුසලානයට යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සහ තවත් අංශ වලින් දක්ෂතා ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවසුවේය.

ඒ ලෝක කුසලාන තරග මාලාවේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව සමගින් පැවැති අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.

එහිදී ඉන්දියාවේ පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට සුපුරුදු දේශගුණ තත්වයක සහ තණතිලි තත්වයක පැවැත්වීම සම්බන්ධයෙන් ‘අරුණ’ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිල්වර්වුඩ් ‘ ඇත්ත වශයෙන්ම යම් වාසියක් සැලසේවි. නමුත් අපේ කණ්ඩායමේ දක්ෂතා ඉහළ නංවා ගනිමින් සූදානම් වීම වැදගත් වෙනවා’ යි පැවසුවේය.

Aruna