Friday, February 20, 2026
Follow Us
ඉල් පුර පොහොය අදයි!

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.

මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම,‍ ප්‍රථම ධර්ම දූත මෙහෙවර ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල් පොහොය දිනයේ සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහෝ දිනය සැලකෙයි.

ලෝකවාසී බෞද්ධයෝ මහත් හරසරින් ඉල් පුර පසළොස්වක පොහොය සමරති.

Mirror