Friday, April 17, 2026
Follow Us
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10ක් අත්අඩංගුවට

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී.

මෙම වැටලීමේදී බහුදින ධිවර යාත්‍රාවක්, කුඩා ධිවර යාත්‍රාවක් ද ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Neth