Friday, February 20, 2026
Follow Us
බොරතෙල් නැවේ ප්‍රමිතිය ගැන ගැටලුවක්

මේක සයිබීරියන් බෙලෙන්ඩ් එකක්


ආනයනය කර ඇති බොර තෙල් නෞකාවක් දැනට දින 45කට අධික කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි.

එහි සභාපති ආචාර්ය අශෝක රන්වල පැවසුවේ අදාළ නෞකාව සඳහා ද ප්‍රමාද ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවීමට මේ වනවිට සිදුව ඇති බවයි.

ප්‍රමිතිය පිළිබඳව ගැටලුකාරි තත්ත්වයක් පැවතිය ද එම නෞකාව සම්බන්ධයෙන් බලධාරින් තීරණයක් ගත යුතු බව ඔහු පැවසීය.

“මේ බොරතෙල් වර්ගය පිරිපහදුව සුදුසු වර්ගයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේක සයිබීරියන් බෙලෙන්ඩ් එකක්. කලවන් වුණ බොරතෙල් වර්ගයක් එකේ හොඳම කොටස් තියෙනවාද නැද්ද කියලා තහවුරුවක් නැහැ. එ නිසා පිරිපහදුව දුවන්න පුළුවන් වෙයිද ? බැරි වෙයිද ? කියලා අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. කලින් ගෙන ආ බොරතෙල් නැවෙත් දැවිතෙල් ප්‍රතිශතය ගොඩක් වැඩිවෙලා තිබුණා. ඒ වගේම දැවිතෙල්වල සල්ප ප්‍රමාණය වැඩිවෙන්න පටන්ගත්තා. ඒ වගේම විදුලි බලාගාරවලට දෙන්න බැරි වුණා. ඊටත් වැඩිය බරපතළ තත්ත්වයේ බොරතෙල් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා විශ්වාස කරනවා. එහෙමනම් අපේ පාලකයෝ තීරණයක් ගන්න ඕනේ. තීරණයක් ගන්න කියලා අපි බලකරනවා. අපරාධ කරන්න එපා මේ ඩොලර්. අපේ රටේ ඩොලර් නැතිවෙලාවේ නැවකට ප්‍රමාද ගාස්තු ගෙවමින් තබාගෙන ඉන්නවා. එක්කෝ මේ තියෙන මුදලක් ගෙවලා යවන්න නැව. නැත්තනම් තියෙන ටැංකියක හරි ගබඩාකර ගන්න. ඊටපස්සේ බලමු මේකෙන් දුවන්න පුළුවන්ද බැරිද කියලා.”

Aruna