ලංකා ගුරු සංගමයේ ඉල්ලීමට දැඩි විරෝධයක්
සාරිය හෝ ඔසරිය වෙනුවට ගුරුවරුන්ට වෙනත් පහසු ඇඳුමක් හඳුන්වා දෙන ලෙසට කර තිබෙන ඉල්ලීමට මහා සංඝරත්නයේ මෙන්ම ආදි ශිෂ්‍ය සංගම්වලද දැඩි විරෝධය එල්ල වී තිබේ. ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් නිර්දේශ නොකරන ලෙස මහා සංඝරත්නය අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තටද දැනුම් දී ඇත.
එම ඇඳුම වෙනස් කිරීමේ කිසිදු අදහසක් නොමැති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වයන් හමුවේ සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමක් හඳුන්වා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෙනෙවිරත්නගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ ලංකා ගුරු සංගමයයි. එම සංගමය සඳහන් කර තිබුණේ ප්‍රවාහන ගැටලු හේතුවෙන් ගුරුවරියන් විශාල පිරිසක් යතුරුපැදිවලින් පාසලට පැමිණෙන බවත් පවතින ආර්ථික අර්බුදය මත සාරි සඳහා සැලකිය යුතු වියදමක් දැරීමට සිදු වන බවත්ය. යතුරුපැදිවලින් ගමන් කිරීමේදී සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමක් වඩාත් යෝග්‍ය බවත් එම සංගමය සිය ලිපියේ සඳහන් කර තිබිණි.
Aruna