කැබිතිගොල්ලෑවේ පොලිස් සැරයන්වරයා මරණයට පත්ව ඇත්තේ ඔහුගේ හිසට වැදුණු පහරකින් මොළයට හා හිස් කබලට හානි සිදුවීමෙන් බව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ විරෝධතාවකදී ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කළ බවයි.
පසුගිය 31 වනදා පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේවනවිට සැකකරුවන් 16 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් සැකකරුවෙකු මෙම අපරාධයට සෘජුව සම්බන්ධ වී නොමැති බවට අනාවරණ වීම හේතුවෙන් ඔහු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
සැකකරුවන් 14 දෙනෙකු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් සැකකරුවන් 13 දෙනෙකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අනෙක් සැකකරු රදවා ගෙන ප්‍රශ්න කිරීම සදහා පැය 48ක රැදවුම් නියෝගයක් ලබාගත් බවයි පොලීසිය පැවසුවේ.
තවත් සැකකරුවෙකු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා මේවනවිට පොලිස් භාරයේ රදවාගෙන සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.
Neth