Friday, February 20, 2026
Follow Us
ඉන්ධන ප්‍රමිතිය බාලවීම ගැන සංස්ථාව කිව්වේ බොරු

පෙත්ත හදන සමාගම චෝදනාවට පිළිතුරු දෙයි


‍ඉන්ධන වලට කලවම් කරනු ලබන ඉන්ධන උත්ප්‍රේරක පෙත්ත මගින් ඉන්ධන වල ප්‍රමිතියෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බවටත් ආයතනය විසින් ඉන්ධන පාරිභෝගිකයා නොමග යැවීමේ කූට ව්‍යාපාරයක නිරත වන බවටත් සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2022.10.25 වන දින නිකුත් කළ සාවධ්‍ය මාධ්‍ය නිවේදනය තරයේ හෙලා දකින බව සී/ස සිලෝන් ග්‍රීන් ප්‍රොඩියුස් පුද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරී කේ.එන්.ආර්. ප්‍රනාන්දු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

(01) අදාල සමාගම විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ තම නිෂ්පාදිතයන් ආදරයෙන් වැළඳගත්, සුවහසක් වූ පාරිභෝගික ප්‍රජාව හට අදාල නිෂ්පාදිතයන්ගේ අව්‍යාජබව සහ සඵලතාවය තහවුරු කිරීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර කරන බවයි. එහි මෙසේද සඳහාන් වේ.

‘‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කර ඇති මාධ්‍ය නිවේදනය අප විසින් සලකනු ලබන්නේ තරඟකාරී ආයතනයක් විසින් සිදු කරන ලද සාවධ්‍ය සහ ද්වේශසහගත හුදු ප්‍රකාශයක් ලෙසිනි. එකී මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති පරිදි අප විසින් කිසිඳු අවස්ථාවක, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දේශීය වෙළඳපලට නිකුත් කර ඇත්තේ ඔක්ටේන් අගය අඩු ඉන්ධන බවට ප්‍රකාශ කර නැත. අපගේ මාධ්‍ය ප්‍රචාරණයන්හි අප විසින් සිදු කර ඇත්තේ දැනට වෙළඳපලෙහි පවතින ඉන්ධන වල ඇති ප්‍රමිතිය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහිම සේවය කරන වෘත්තීය සමිති නායකයින්, රජයේ උසස් නිලතල දරණ විවිධ පුද්ගලයින්, දේශපාලන නායකයින් සහ මහජනතාව විසින් සිදු කරන ලද ප්‍රකාශ උදක්ම උපුටා දැක්වීම පමණි. රට තුල ඉන්ධන බෙදා හැරීමේ තවත් ආයතනයක් තිබියදී තත්වයෙන් බාල ඉන්ධන පිලිබඳ කතිකාවේ දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩියක් පෙරට තබා අප ආයතනයට එරෙහිව මෙලෙස ද්වේශසහගත මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම වනාහි තොප්පිය තමන් විසින්ම දා ගැනීමක් බවත් එමගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව තමන් විසින්ම තමන්වම අපකීර්තියට ලක් කර ගන්නා බවත් නොකිවමනාය. කෙසේ වෙතත් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටිමින් සමස්ථ ජාතික සංවර්ධනය උදෙසා ඉමහත් දායකයත්වයක් සපයන උක්ත ආයතනය කෙරෙහි අප තුල ඇති ගෞරවය තවමත් නොබිඳී පවතින්නේ සංස්ථාව තුල සිටින උගත් – බුද්ධිමත් – දැක්මක් සහිත බහුතරය අභිභවා, පටු වාසි ප්‍රමුඛ කොට ගෙන නැගෙන සුළුතරයකගේ සැලසුම් වෙනුවෙන් සමස්ත ආයතනය සහ එහි සියලු කාර්යය මණ්ඩලය වග කිව නොයුතු බව අප දන්නා හෙයිනි.
තවද සපුගස්කන්ද පිරිපහදුව සහ කොලොන්නාව නිමාවේ පිහිටි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සතුව පවතින රසායනාගාර දෙකෙහිම සම්මත පරීක්ෂණ එන්ජින් භාවිතා කරමින් අප නිෂ්පාදනය යොදා ඔක්ටේන් අංකය සඳහා පරීක්ෂණය වන ASTM D2699 පරීක්ෂණය ද ගෙන්දගම් ප්‍රමාණය පිළිබඳ පරීක්ෂණය ද සිදු කරන ලද බවත් එහිදී අප නිෂ්පාදනය මගින් ඔක්ටේන් අංකය කිසිඳු ලෙසකින්වත් වැඩි නොවූ බවත් ගෙන්දගම් පිලිබඳ පරීක්ෂණයෙන් ද ඉන්ධන වල ප්‍රමිතියේ කිසිඳු වැඩි වීමක් සිදු නොවූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කර ඇති 2022.10.25 දිනැති මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළා යැයි කියනු ලබන ඉහත කී ඊනියා පරීක්ෂණයන් සහ ඉන් ලැබුනා යැයි කියනු ලබන ප්‍රතිඵල අප විසින් හාස්‍යයෙන් යුතුව හෙලා දකින බවත් අප ආයතනය විසින් පරීක්ෂණයන්ට යොමු කිරීම සඳහා කිසිඳු අවස්ථාවක අපගේ නිෂ්පාදිතයන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබා දී නොමැති බවත් ඒ අනුව පරීක්ෂණ සඳහා යොදා ගන්නා ලදැයි කියනු ලබන නිෂ්පාදිතයේ සාම්පල වල අව්‍යාජත්වය, සුජාත භාවය සහ නිරවද්‍ය භාවය සම්බන්ධයෙන් අප කිසිවක් නොදන්නා බවත් ඒ අනුව එකී සාම්පල සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් අප හට ගත නොහැකි බවත් ප්‍රථමයෙන් දන්වා සිටිමු. තවද අපගේ නිෂ්පාදිත සඳහා යොදා ගත් ඉන්ධන වර්ගය කුමක්ද, එකී ඉන්ධන ලබා ගනු ලැබූයේ කිනම් ස්ථානයන් වලින් ද සහ අදාළ පරීක්ෂණයන් සිදු කරනු ලැබූයේ නිසි ක්‍රම වේදයන්ට සහ නිසි පිරිවිතරයන්ට යටත්ව ද යන්න සම්බන්ධයෙන් කිසිඳු දැනුවත් භාවයක් අප හට නොමැති බවද සඳහන් කරනු කැමැත්තෙමු. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහත කී සුළුතරය විසින් අප ආයතනයේ නිෂ්පාදිතයන් පරීක්ෂණයන්ට ලක් කිරීමේ දී අප ආයතනයද දැනුවත් කරමින් අපගේ නියෝජිතයින් ද ඉදිරියේ දී පාරදෘශ්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට මෙතරම් බිය වූයේ මන්ද? එකී පරීක්ෂණ මෙතරම් රහසිගතව සහ ඒකපාර්ශ්විය අන්දමින් සිදු කරන ලද්දේ මන්ද? එලෙස සිදු කළා යැයි කියනු ලබන පරීක්ෂණ වලින් අප නිෂ්පාදිතයන් අසමත් නම් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සහ අපගේ නිෂ්පදිතයන්හි සඵලතාවය ඔප්පු කිරීමට අප හට කිසිඳු අවස්ථාවක් නොදී එක් වරම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැඩි ලෙස ද්වේශසහගත අන්දමින් ක්‍රියා කරමින් සහ ස්වභාවික ආචාරධර්ම ක්‍රම වේදයන්ට බැහැරව කටයුතු කලේ කාගේ උවමනාවට ද? ‘‘

‘‘මේ වන විට ලංකාවේ වෙළඳපලෙහි ඉන්ධන උත්ප්‍රේරකයන් කිහිපයක්ම ඇති පසු බිමෙක අප නිෂ්පාදිතය පමණක්ම ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති මාධ්‍ය නිවේදනය මගින් අප නිෂ්පාදිතයට පමණක් නොව අපගේ ලෙන්ගතු පාරිභෝගික භවතුන් හට ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැඩි හානියක් සහ කැළලක් සිදු කර ඇති බවත් ඒ සමබන්ධයෙන් අප විසින් දැනටමත් නීති කෘතයන් ආරම්භ කර ඇති බවත් ඔබ හට වගකීමෙන් යුතුව දැනුම් දෙමු.

Aruna