විවාහ ගිවිසගත්තද අනියම් සම්බන්ධතාවය නවතන්න එපා කියලා
අනියම් සම්බන්ධතාව නතර කිරීමට කාන්තාව විසින් යෝජනා කිරීම නිසා ඉන් කෝපයට පත් අනියම් සැමියා කාන්තාව රැඳී සිටි නිවෙසට ඇතුළු වී ඇයගේ මියගිය සැමියාගේ මරණ සහතිකය, උප්පැන්න සහතිකය හා දරුවන්ගේ කේන්දර කොපි ඇතුළු සියලු වටිනා ලියකියවිලි රැගෙන ගොස් ඇති බව හිනිදුම පොලිසිය පවසයි.
මීට වසරකට ඉහතදී එම කාන්තාවගේ සැමියා මියගොස් තිබූ අතර පසුව ඇය එම ප්‍රදේශයේම දෙදරු පියකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලැබීය.
මේ අතරවාරයේදී අදාළ දෙදරු මවට පවුලේ ඥාතින් විසින් විවාහ යෝජනාවක් සිදුකොට තිබිණි.
මෙහිදී අනියම් සැමියා පවසා ඇත්තේ විවාහ ගිවිසගත්තද තමන් සමග අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යායුතු බවයි.
එහෙත් මෙම කාන්තාව එයට විරෝධය දැක්වීමත් සමඟ ඇයගේ නිවෙසට පැමිණ මෙම ලියකියවිලි රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු මේ වන විට හිනිදුම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Aruna