සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලාභය පහළට
ශ්‍රී ලංකාව වෙත ගුවන්යානා පියාසර කරවන අන්තර්ජාතික ගුවන් සමාගම් සංඛ්‍යාව මේ වන විට 17 දක්වා අඩුව ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
කොවිඩ්-19 වසංගතයට පෙර අන්තර්ජාතික ගුවන් සමාගම් 41ක් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන්යානා පියාසර කරවා ඇතත්, මේ වන විට මෙරට උද්ගතව ඇති විවිධ තත්ත්වයන් පදනම් කරගෙන අදාළ ගුවන් සමාගම් සංඛ්‍යාව මෙලෙස සිමාවී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ‘අරුණ’ට පැවැසීය.
මේ අතරින් චීන සංචාරකයන් බහුලව මෙරටට රැගෙන ආ කැතේ පැසිෆික් වැනි ගුවන් සේවාවන් නතරවීම මෙරට ගුවන් ගමන් කර්මාන්තයට බෙහෙවින් බලපා ඇති බව ද පැවසේ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 වසරේදී බදු ගෙවීමෙන් පසු ආයතනයේ ලාභය රුපියල් මිලියන 216ක් වූ අතර, එය 2019 වසරේදී බදු ගෙවීමෙන් පසු ලබාගත් ලාභය වූ රුපියල් බිලියන 1.3ට වඩා බෙහෙවින් අඩු ය.
Aruna