වෛද්‍යවරුන් 30ක් නීතිවිරෝධී ලෙස විදේශ ගතවෙලා
පසුගිය වසර කීපයක සිට නීති විරෝධී අන්දමින් සහ නීත්‍යානුකූලව විදේශ ගත වී වගකීම් පැහැර හැර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 150ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
එසේම මේ වන විට මෙම වෛද්‍යවරුන් අසාදු ලේඛන ගතකිරීම ආරම්භ කර ඇත.
මෙම පිරිසෙන් මේ වසර තුළ වෛද්‍යවරුන් 30ක් පමණ නීතිවිරෝධී ලෙස විදේශ ගතව ඇත.
වෛද්‍යවරු ඇතුළු දීපව්‍යාප්ත රාජ්‍ය සේවයේ නියුතු වූවෙකු විදේශ ගත වන්නේ නම් අගමැතිවරයාගේ සහ විෂයභාර ඇමැතිවරයාගේ අනුමැතිය අනිවාර්ය බව තෘතීක වෛද්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කරයි.
මෙසේ අනුමැතියකින් තොරව විදේශ ගතවන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සහ වගකීම් පැහැර හැර ඇති වෛද්‍යවරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ආයතන ප්‍රධානියාට බලයක් තිබෙන බවත් එම බලතලවලට අනුව අසාදුලේඛන ගතකිරීමේ හැකියාව ඇති බව හෙතෙම පැවැසීය.
අසාදුලේඛන ගත කරන වෛද්‍යවරුන්ගේ නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කරන බවද පැවසෙයි.
මේ අනුව නිත්‍යානුකූල නොවන අන්දමින් විදේශයන්හී රැඳී සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දඩ මුදල් අයකර ගැනීම, අසාදුලේඛන ගතකිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අවලංගු කිරීම සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාවට දැනුම් දීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් පවතින බව වෛද්‍ය අතපත්තු පැවැසීය.
කෙසේ නමුත් මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගන්නා වෛද්‍යවරු විදේශ ගතවීමෙන් පසුව සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ නම් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාවට දැනුම් දීම තුළ නිත්‍යානුකූලව රැකියාවන් සඳහා යන අනෙකුත් වෛද්‍යවරුන්ටද සිය සේවය අහිමි වීමට ඉඩ ඇති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
Aruna