Friday, February 20, 2026
Follow Us
ෂෙඩ්වල පෙට්‍රල් නැතිවෙයි

රියැදුරන් දැඩි අසීරුතාවක


හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල පෙරේදා(31) දින සිට පෙට්‍රල් හිඟයක් පවතින බව වාහන හිමියන් පවසයි.

පෙරේදා දින පස්වරුවේ සිට පෙට්‍රල් හිඟය පවතින බවත්, එම නිසා තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු පෙට්‍රල් වාහන හිමියන් සඳහන් කළේය.

පෙට්‍රල් හිගය ඇති විමට හේතුව ඉන්ධන පිරවුම්හල් වල කළමණාකාරවරුන්ගෙන් කල විමසුමකදී ඔවුන් කියා සිටියේ පෙට්‍රල් ඉන්ධන මිල අඩු කිරිමට රජය සුදානම් වන බවට තොරතුරු ලැබි ඇති නිසා පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට ඇණවුමක් ඉදිරිපත් නොකල බවයි.

පෙට්‍රල් හිගය නිසා යතුරුපැදි සහ පෞද්ගලික වාහන වලින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන සේවකයින් දැඩි අසිරුතාවයට පත් වී ඇත.

Aruna