ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහි ඒකාබද්ධ විරෝධතා පාගමන අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලක පක්ෂ රැසක් එම විරෝධතාවට එක්වන බවයි.
මේ අතර මෙවැනි විරෝධතා මගින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාදැයි ආණ්ඩු පාර්ශවය ඊයේ මෙම විරෝධතාවට එක්වන පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කළා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුලු ව්‍යාපාරික සම්මේලන 06 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මෙවන් විරෝධතා සංවිධානය කිරීම සුදුසු නොවන බවයි.
මෙරට ආර්ථිකය යළි ස්ථාවර වෙමින් ඇති මොහොතක කඩාකප්පල්කාරී විරෝධතා පැවැත්වීම සිදු නොකරන ලෙසටයි ඔවුන් එමඟින් ඉල්ලා සිටින්නේ.
මෙවැනි විරෝධතා හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට මෙන්ම රටේ ආර්ථිකයට උරදෙන කර්මාන්තවලට ද බලපෑමක් එල්ලවන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලන්ගමුව සඳහන් කළා. ඔහු පවසන්නේ ගතවූ මාස 06 ට සාපේක්ෂව මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පැමිණෙමින් ඇති බවයි.
එය කඩාකප්පල් වුවහොත් එහි පාඩුව රජයට පමණක් නොව සමස්ථ ජනතාවටම දැනෙනු ඇති බවද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලන්ගමුව වැඩිදුරටත් සඳහන් කළා.
අද පස්වරුවේ පැවැත්වෙන මෙම ඒකාබද්ධ විරෝධතාවයේ සජීවී තොරතරු නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාව හරහා නැරඹිය හැකියි.
Neth