Friday, April 17, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල පහළට

ප්ලේන් ටී එකක් රුපියල් 30යි


අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග 4ක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ මෙලෙස රුපියල් 10කින් මිල අඩුකර ඇත්තේ රෝල්ස්, පරාට, බිත්තර රොටී, එළවලු රොටී යන ආහාර වර්ගවල මිල බවයි.

එසේම ප්ලේන් ටී එකක් රුපියල් 30කටත් කිරි තේ එකක් රුපියල් 100කටත් අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Aruna