Wednesday, April 15, 2026
Follow Us
මිනී කාමරේ අධි ශීතකරණවල පණ යයි

මෘතශරීර තැන්පත් කර තැබීමේදී ගැටලුවක්


කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මෘතශරීර තැන්පත් කරනු ලබන අධිශීතකරණ දෙකක් ක්‍රියා විරහිත වී තිබේ. මේ හේතුවෙන් මෘතශරීර තැන්පත් කර තැබීමේදී ගැටලු මතුව ඇත.

කලක සිට මෙම අධිශීතකරණ දෙක ක්‍රියා විරහිත වී ඇති අතර එය පිළිසකර කරදෙන ලෙස බලධාරීන්ට දැනුම් දුන්නද මේ වනතෙක් එය අලුත්වැඩියා කිරීමට පියවරගෙන නොමැත.

මෙම එක් ශීතකරණයක මෘතශරීර හයක් තැන්පත් කිරීමේ හැකියාව පවතියි.

මෙම තත්ත්වය මත රෝහලට රැගෙන එනු ලබන මෘතශරීර ප්‍රමාණය වැඩි වුවහොත් මෘතශරීර තැන්පත් කිරීමේ අසීරුතාවකට පත්වීමේ අවදානමක් ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණ දොළහක් ඇත.

Aruna