Friday, February 20, 2026
Follow Us
ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ හත් වැනි අදියර ඇරඹෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අලුත් වැඩක්


ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන 2030 වසර වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් හා දේශයේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් උදා කරලීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ හත් වැනි අදියර ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත පසුගිය 29 වැනි දා එම වැඩසටහන සාර්ථක අයුරින් නිම වූ බව සඳහන්.

ශ්‍රි ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 04 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් අවස්ථා විස්සක දී මෙම බීජ හෙළීම සිදු කළ බව යි වාර්තා වන්නේ.

මෙම වැඩසටහනේ දී ගුවනින් හෙළා ඇත්තේ, සියඹලාආණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 80ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, කොහොඔ ආදී ශාක බීජ 100,000ක ප්‍රමාණයක්.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මාර්ගෝපදේශකත්වය යටතේ කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක වී තිබෙනවා.

Aruna