Friday, April 17, 2026
Follow Us
ගුරුවරියන්ට පහසු ඇඳුමකින් පාසල් එන්න දෙන්න – ස්ටාලින්

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී රාජකාරී කිරීමට අවස්ථාව ලබාදී ඇති හෙයින් ගුරුවරියන්ට ද එවැනි සහනයක් ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

(ලංකාදීප)