Friday, February 20, 2026
Follow Us
ජාතික සත්වෝද්‍යානවල අක්‍රමිකතා වළක්වන්න අලුත් ක්‍රමවේදයක්

ඩිජිටල් ක්‍රමවේදය යටතේ ජාතික සත්වෝද්‍යාන සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමය යටතේ සහ QR ක්‍රමවේදය යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

වනෝද්‍යානවල සිදුවන අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවද ලේකම්වරිය සදහන් කළා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය ඊට අදාළ කටයුතු මේවනවිටත් ආරම්භ කර තිබෙනවා.

මාස තුනක් තුළ නව ක්‍රමවේදය යටතේ ජාතික සත්වෝද්‍යාන සදහා ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් වැඩිදුරටත් පැවසුවේ.

Neth